අගමැතිතුමාගේ අඩුපාඩු ගැන කියන්න පාලිත හිමිට සුදුසුකම් නෑ! අගමැතිතුමා මහ භයානක ඔක්තෝබර් බෝම්බයත් නිෂ්ක්‍රීිය කළා!- කහටපිටියේ පඤ්ඤාසාර හිමි

May 21, 2019 at 12:23 pm | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලතා පිළිබඳ කතා කිරීමට තිනියාවල පාලිත හිමි සුදුස්සෙක් නොවන බවත් එහෙයින් අගමැතිතුමා තුළ දුර්වලතා ඇතැයි පැවසූ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවත් කහටපිටියේ පඤ්ඤාසාර හිමි පවසයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අගමැතිතුමා තුළ පුංචි පුංචි දුර්වලතා පැවතිය ද එතුමාට ජනාධිපතිවීම සඳහා තමා නියත විවරණ ලබා දෙන්නේ යැයි තිනියාවල උපාලි හිමි කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

අප්‍රේල් පාස්කු බෝම්බයට වඩා ඔක්තෝබර් ආණ්ඩු මාරු බෝම්බය භයානක බවත් තමන් අද ජීවත් වන්නේ අගමැතිතුමා එම බෝම්බය නිෂ්ක්‍රීය කළ නිසා බවත් පඤ්ඤාසාර හිමි පෙන්වා දෙයි.

එහෙයින් එතුමාගේ ශක්තිය ඥානය බුද්ධිය පාවිච්චි කිරීමට අප සෑම විටම ඉඩ ලබා දිය යුතු යැයි උන් වහන්සේ වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *