අගමැතිකම ඉල්ලන කොට පරක්කු වැඩියි.. ! ඇමැතිකම් ටිකක් හරි ඕන නම් කලින් කියන්න…! – ජනපති සජිත්ට කියයි..

May 13, 2022 at 9:05 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති ධූරය දැන් ලබා දිය නොහැකි බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දි ජනාධිපතිවරයා පවසන්නේ නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස පළමුව ආරධනා කළේ, විපක්ෂ නායකවරයාට බවයි. එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ප්‍රතිචාරයක් ලබා නොදුන් බවයි ජනාධිපතිවරයා පවසයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට සුළු වේලාවකට පෙර ඔබ ලිපියක් යොමු කරමින් මෙතෙක් සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟ වී නොමැති කොන්දේසි කිහිපයක් යටතේ අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව දන්වා තිබූ බවයි ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වන්නේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම ඔබ විසින් ප්‍රතික්ෂේප කර තිබූ තත්ත්වයක අනෙකුත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කළ බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරිමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරිමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *