අඛණ්ඩව 3 වන දිනටත් කොවිඩ් මරණ 100 ඉක්මවයි..!

August 12, 2021 at 3:29 am | by emanisa.lk

පෙරේදා (10) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව පිට පිට තෙවන දිනයටත් කොවිඩ් ආසාදිත මරණ 100 සීමාව ඉක්මවා මෙරටින් වාර්තා වී ඇත.

මෙය මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වෙයි.

මියගිය පිරිසට පිරිමි 75ක් සහ කාන්තාවන් 49ක් අයත් වේ. අවුරුදු 30ට අඩු එක් පුද්ගල මරණයක් ද, අවුරුදු 30-59 අතර මරණ 28ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 95ක් මිට අයත් ය.

ඊයේ දිනය වන විට මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,464කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *