අකුරැස්සේ දී පොලිස් නිලධාරියකු මරා දැමූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට! ආයුධ පෙන්නන්න ගෙනිහින් නෙමෙයි!

June 2, 2019 at 7:54 am | by admin

අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ දී පසුගිය 22 දා පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද අලුයම පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී මරුමුවට පත්ව ඇත.

අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණි අවස්ථාවේ 56 හැවිරිදි මෙම සැකකරු නැවත වරක් පොලිසියට වෙඩි තබා ඇති අතර පොලිසිය පෙරළා වෙඩි තබා තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු අකුරැස්ස රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබේ. මොහු නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකු බව පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *