අක්ෂි සැත්කම් යළි හෙට සිට…!

April 23, 2023 at 6:28 pm | by emanisa.lk

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගිය දා පියවර ගෙන තිබිණි.

සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

ඒ අනුව, තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස