අක්කරේපත්තුවට හෙල්මට් නීති ගෙනා පොලිසියට වැඩ වරදී…! ගම්මු පොලිසියට වටකොට පහර දෙති..! 11ක් රෝහලට… නිලධාරියෙකුට බරපතළයි..!

May 6, 2022 at 12:31 pm | by emanisa.lk

රිය අනතුරක් හේතුවෙන් අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 11ට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පිරිස් අතර පොලිසියේ අට දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ තිදෙනකු සිටින බව පොලීසිය කියයි. එහි දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ තරුණයකු ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔහුට නවතින ලෙසට සංඥා කළ ඇති බවත්, සැකකරු පොලිස් අණ නොතකා වේගයෙන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු ලිස්සා වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව පවසයි.

මෙම සිද්ධිය සැලවීමත් සමගම පාලමුනේ ප්‍රදේශයේ පිරිසක් පොලිස් මුරපොල වෙත පැමිණ එහි සිටි සැරයන් වරයා ටත්, සිවිල් ආරක්ෂක භටයින් තිදෙනාටත් පහර දී මුර පොළටද හානි කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සිද්ධිය සැලවීමත් සමගම අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ එම පිරිස ස්ථානාධිපතිවරයාට සෙසු පොලිස් කණ්ඩායමට කණ්ඩායමට ද පහරදී ඇත.

සිද්ධියෙන් එක් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ද ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකුගේ කකුලට වෙඩි වැදී ඇත.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් වරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *