රටක් බියගැන්වූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරා දමයි! අනියම් බිරිඳ ආහාරවලට වස මුසු කරලා!

July 23, 2020 at 9:41 am | by emanisa.lk

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ආහාර සමග වස කළවම් කොට ලබා දීමෙන් බව සඳහන් වෙයි.

කලක් පටන් ඔහු ඇසුරු කරමින් විශ්වාසය දිනාගත් මියගිය පාතාළ නායකයෙකුගේ බිරිඳ විසින් අංගොඩ ලොක්කාට මෙලෙස ආහාර සමග වස කළවම් කොට ලබාදී තිබෙන බව වාර්තා වෙයි.

සතියක පමණ කාලයක් අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මියගොස් තිබෙන බව සඳහන්ය.

අංගොඩ ලොක්කාගේ මරණයත් සමග ඔහුගේ දේපළ බෙදාගැනීමේ සටනක් එම කණඩායම තුළ මතුව ඇතැයි ද වාර්තා වෙයි. කළුතර දී බන්ධනාගාර බසයකට පහර දී සමයං මරා දැමුවේ ද අංගොඩ ලොක්කාගේ සැලැස්මක් අනුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

පසුගිය සමයේ අංගොඩ ලොක්කා ප්ලාස්ටික් සැත්කමක් මාර්ගයෙන් මුහුණ වෙනස් කර ගෙන ඇති බව ද ඔහු මිය ගිය පුවත යුරෝපයට පැන යාම සඳහා ප්‍රචාරය කරන ලද්දක් බවට ද සැකපළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස