අංගොඩින් රෝගියකු පැනයාම නිසා අවදානමක්! ඔහුට නිරාවරණය වුණා නම් සෞඛ්‍ය අංශ දැනුම්වත් කරන්න! – වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ

July 25, 2020 at 8:40 am | by emanisa.lk

අංගොඩ අයි.ඩී.එච්. රෝහලෙන් කොරෝනා රෝගියකු පළාවිත් සමාජයේ සැරිසැරීම නිසා යළි අවදානමක් හටගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ඊයේ (24) පැවසීය.

මෙම පලාගිය රෝගියාට සමාජයේ පුද්ගලයන් නිරාවරණය වූයේද? යන්න සම්බන්ධව සොයා බලමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.

“මේ රෝගියා කොළඹ මොන මොන තැන්වලට ගමන් කළාද? ඔහු කුමන පුද්ගලයන් ඇසුරු කළාද යන්න සම්බන්ධව අපි සොයමින් ඉන්නේ. යම් පුද්ගලයන් පිරිසකට ඔහු නිරාවරණය වුණා නම් ඒ අයව නිරෝධායනය සඳහා යොමු කරන්න පියවර ගන්නවා.

මේ රෝගියා සමාජයේ සැරිසැරීම ගැටලුවක්. මේ තත්ත්වය තුළ කොරෝනා අවදානමක් මේ සමාජය තුළින් මතුවෙලා තියෙනවා. දැන් ඔහු ගිය තැන්, ඇසුරු කළ අය සොයා බැලීමයි කරන්නේ. මේ රෝගියාට යම් අයකු නිරාවරණය වුණා නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස